රාජ්‍ය සභා ඡන්ද විමසුම ඇරැඹේ



ඉන්දීය රාජ්‍ය සභාවේ පුරප්පාඩු ආසන 26 වෙනුවෙන් නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද විමසුම අද ආරම්භ විය.

ඉන්දීය පාර්ලිමේන්තුව රාජ්‍ය සභාව සහ ලෝක් සභාව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) යනුවෙන් කොටස් දෙකකි. රාජ්‍ය සභාව නියෝජිත ආසන 59 කින් සමන්විතය. ඡන්දය විමසීම උදේ 9 ට ආරම්භ වී සවස 4 තෙක් පැවැත්වෙයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුණ සන්ධානයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇති බවත්, ප්‍රතිවාදී විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැළකෙන කොංග්‍රස් පක්ෂයට ආසන 4 ක් අහිමි වනු ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබුණි.

ඡන්ද විමසුම පැවැත්වෙන ආසන 7 වන්නේ, උත්තර ප්‍රදේශ්, බටහිර බෙංගාලය, කර්ණාටක, ජර්කාන්ද්, චතිස්ගාර්, කේරළ සහ තෙලන්ගානාය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පමණක් ආසන 10 ක් වෙනුවෙන් අපේක්ෂකයෝ 11 දෙනෙක් ඉදිරිපත් වී සිටියහ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS