පරමාණු බෝම්බ ප්‍රහාරයට වසර 75 යි



දෙවැනි ලෝක මහා සංග්‍රමෙයේ දී, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානයේ හිරෝෂිමා සහ නාගසාකී නගරවලට පරමාණු බෝම්බ හෙලා වසර 75 ක් සපිරෙයි. ලොව පළමු පරමාණු බෝම්බ ප්‍රහාර ලෙස මෙය සැලකෙයි.

හිරෝෂිමා සහ නාගසාකී නගරවලට හෙලූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ජපන් වැසියන් සිහිපත් කිරීමේ ආගමික උත්සව හිරෝෂිමා සහ නාගසාකී නගරවල අද (6) පැවැත්විණි.

ඇමෙරිකා ගුවන් හමුදාව, ජපානයට බෝම්බ හෙලුවේ, 1945 වසරේ අගෝස්තු 6 වැනිදාත් 9 වැනිදාය. එම බෝම්බ ප්‍රහාරයත්, එයින් සිදුවුණු මහා විනාශයත් හමුවේ ජපානය යටත් වූ අතර, දෙවැනි ලෝක මහා සංග්‍රාමය ද ඒ සමඟම අවසන් විය.

බීරූට් නුවර වරායේ සිදුවුණු මහා පිපිරීම, හිරෝෂිමා සහ නාගසාකී පරමාණු බෝම්බ ප්‍රහාරය සිහිපත් කිරීමට හේතුවක් වූ බව බීරූට් වැසියන්ගේ අදහසය. පරමාණු බෝම්බ පිපිරුමක් නොවුණත්, බීරූට් පිපිරීම පරමාණු බෝම්බ පිපිරුමකට සමාන බව පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS