ට්‍රම්ප්ගේ තාප්පයට බිලියනයක්



ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ප්‍රාකාරය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් ලබා දීමට ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටනය පියවර ගෙන ඇත.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා ප්‍රාකාරයක් ඉදිකිරීම ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ යෝජනාවකි. දේශසීමා ප්‍රාකාරයක් ඉදිකිරීම මගින් ඇමෙරිකාවේ අපරාධ නැවැත්වීම කළ හැකි යැයි ජනපති ට්‍රම්ප්ගේ විශ්වාසය වී තිබේ. ප්‍රාකාරය ඉදිකිරීම 2016 වසරේ ට්‍රම්ප් දුන් ඡන්ද පොරොන්දුවකි.

ප්‍රාකාරය ඉදිකිරීමට එරෙහිව ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගෙන් විරෝධයක් එල්ල වෙයි. ඇමෙරිකන් කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සතුවය.

ප්‍රාකාරයට එල්ල වූ එම විරෝධය හේතුවෙන්, ඊට අදාල මුදල් සම්මත කර ගැනීම ට්‍රම්ප්ට ගැටලුවක් විය. ට්‍රම්ප් එම අවස්ථාවේදී හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේය. හදිසි තත්ත්වයක් යටතේ ඇමෙරිකා ජනපතිට ඔහුගේ බලතල අනුව හමුදාව සතු ප්‍රතිපාදන යොදා ගැනීම කළ හැකිය.

වාද විවාදවලින් පසු දේශසීමා ප්‍රාකාරය වෙනුවට යකඩ වැටක් ඉදිකිරීමට තීරණය කෙරුණු අතර, ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව ඇමෙරිකන් ඩොලර් බිලියනයක් ලබා දෙන්නේ එම වැට ඉදිකිරීම වෙනුවෙන් යැයි ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS