ජපානයේ ඔලිම්පික් තියන්න විදියක් නෑ



2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ජපන් වයිරසවේදීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වයිරසවේදීන් මෙසේ නිර්දේශ කළේ ‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරසය ජපානයේ පැතිරීම ආරම්භ කර ඇති බැවිනි. මේ වනවිට ඩයමන්ඞ් කෲස් සැප නෞකාවට අමතරව, ජපානයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 74 ක් හමුවී ඇත. ජපානයෙන් කොරෝනා මරණයක් ද වාර්තා වී ඇත.

‘ආරක්ෂිතව ඔලිම්පික් උළෙල පැවැත්වීමයි කළ යුත්තේ. ජපානයේ ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් සැකයක් පවතිනවා’ යැයි වයිරසවේදී වෛද්‍ය හිටෝෂී ඔෂිටානී මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS