චීනයේ දැල්ලන්ටත් කොරෝනා



වයඹදිග චීනයේ ජිලින් පළාතේ ෆුයු නගරයට ආනයනය කළ දැල්ලන් තොගයක් පරීක්ෂා කිරීමේ දී ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස විෂබීජ හමුවී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

ෆුයු නගරයේ අවන්හල් හිමිකරුවන් මෙම දැල්ලන් තොගය මිලදී ගෙන ඇත්තේ ‘සැන්ජියා ඬේඩා’ නමැති මුහුදු ආහාර විකුණන සමාගමෙන් යැයි ද පැවැසෙයි.

චීනයේ පළාතකින් පළාතකට පමණක් නොව, නගරයකින් තවත් නගරයකට ඇණවුම් කරන ආහාර සියල්ල දැඩි ලෙස පරීක්ෂා කෙරේ. ඒ, කොරෝනා වයිරසය හේතුවෙනි. දැල්ලන් තොගයේ තිබී කොරෝනා වයිරස විෂබීජ හමුවී ඇත්තේ එසේ පරීක්ෂා කරද්දීය.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS