කොරියාවේ ඇමෙරිකන් සොල්දදුවකුට කොරෝනා



දකුණු කොරියාවේ රඳවා සිටින ඇමෙරිකන් සොල්දාදුවකුට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

වයිරසය ආසාදිත මෙම සෙබළා 23 හැවිරිදි අයකු බවත්, නිරෝධායනය කිරීමෙන් පසු, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළේ යැයි ද වාර්තා වේ.

දකුණු කොරියාවේ ඇමෙරිකන් සොල්දාදුවෝ 28,500 ක් රඳවනු ලැබ සිටිති. වයිරසය ආසාදනය වූ සොල්දාදුවාගේ හමුදා බළඇණියට සම්බන්ධ සෙසු සොල්දාදුවන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ බවත්, ඔවුන් ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන බවත් වාර්තා වේ.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS