අගමැතිනී තෙරේසා මේ මැන්චෙස්ටර් ප්‍රහාරය හෙළා දකී



එංගලන්තයේ මැන්චෙස්ටර් රඟහලේ සංගීක ප්‍රසංගයට එල්ලවුණු බෝම්බ ප්‍රහාරය ‘ත්‍රස්ත’ ප්‍රහාරයක් බව හඳුන්වා දෙමින්, එය තරයේ හෙළා දැකීමට අගමැතිනී තෙරේසා මේ කටයුතු කර ඇත.

අගමැති තෙරේසා මේ මෙසේ කියා සිටියේ බෝම්බ ප්‍රහාරයෙන් පැයකට පමණ පසු විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

විපක්ෂ නායක ජෙරමි කෝබන් ද පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාරය හෙළා දැක ඇතැයි වාර්තා වේ.

බෝම්බ ප්‍රහාරයෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 50 කට වැඩියි. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.

ප්‍රහාරය ගැන පුළුල් පරීක්ෂණ තවමත් සිදුවෙයි. ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් විසින් බාර ගනු ලැබ නැත. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය වැඩි දෙනා තරුණ තරුණියන් යැයි ආරක්ෂක අංශ පවසයි. රඟහලේ පැවැතියේ ඇමෙරිකා ගායිකා ඒරියානා ගාන්දේ සහභාගී වූ සංගීත ප්‍රසංගයකි.

(බී.බී.සී)

 


RECOMMEND POSTS