’හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ තහනම්



'කොවිඩ් 19' මර්දනය කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිර්දේශ කරන 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්'  මැලේරියා නාශක ඔසුව,  'කොවිඩ් 19' වයිරසය මර්දන ඔසුවක් ලෙස භාවිතයට ගැනීම තහනම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' අතුරු ආබාධ රැසක් ඇති කරන බැවිනි.

'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' වසර 40 ක් තිස්සේ මැලේරියා නාශක ඔසුවක් ලෙස භාවිත කෙරේ. ‍

මෙය 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට ප්‍රතිකර්මයක් නොවුණ ද වෙන විකල්පයක් නොමැති බැවින් අසාධ්‍ය රෝගීන්ට මෙම බෙහෙත් පෙති ලබා දෙයි.

තමන් පමණක් නොව ඇමෙරිකාවේ 'කොවිඩ් 19' ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' පෙත්තක් දිනපතා භාවිතයට ගන්නා බව ද ජනපති ට්‍රම්ප් පවසා ඇත.

ඒ විශේෂ වෛද්‍ය අධීක්ෂණය යටතේ අත්හදා බැලීමක් ලෙසය.

'කොවිඩ්19' වයිරසය සම්බන්ධයෙන් 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' යොදා ගනිමින් කළ අත්හදා බැලීම් සියල්ල තාවකාලිකව නැවැත්වීමට තමන් උපදෙස් දීම තාවකාලික බවත් 'හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්' සම්බන්ධයෙන් මේ වනවිටත් තම සංවිධානය මැදිහත් වී, වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගන්නා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා තිබේ.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS