‘කොරෝනා’ රූපවාහිනී කතා මාලාවක්



බටහිර අප්‍රිකානු රටක් වන සෙනගාලයේ, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය තේමා කොට ගනිමින් රූපවාහිනී ටෙලි කතා මාලාවක් නිර්මාණය වී ඇත.

‘වොලොෆ්’ නමැති ස්වදේශීය බසින් නිර්මාණය වූ මෙම ටෙලි කතා මාලාව ‘ද වයිරස්’ යන නමින් හැඳින්වෙයි. මෙහි ප්‍රධාන චරිතය වෛද්‍යවරයෙකි. දිනකට එක කොටස බැගින් ටෙලි කතාමාලාව විකාශය වන අතර, එය ආදරය, ත්‍රාසය සහ කුතුහලය පිරි එකකි.

මෙම ටෙලි කතා මාලාව මගින් ‘කොවිඞ් 19’ වයිරසය රෝගීන්ට ප්‍රතිකාර දෙන අයුරු, වයිරසය ව්‍යාප්තවීම, වයිරසයෙන් ආරක්ෂා වීම ආදී කාලෝචිත කරුණු කාරණා ටෙලි කතාවක ස්වරූපයෙන් ජනතාවටගේ ඉදිරිපත් කෙරේ.

ටෙලි කතා මාලාවේ සැබෑ අරමුණ උගත් නූගත් සෑම සෙනගාල් වැසියකුම ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් දැනුවත් කිරීම යැයි වැඩසටහනේ නිර්මාණකරුවෝ පෙන්වා දෙති.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS