චිත්‍ර තරඟය සහ පොත් ප්‍රදර්ශනය



එක්සත් එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙසෙන ශ්‍රී ලාංකීය දුවා දරුවන් සදහා සංවිධානය කර තිබූ ළමා චිත්‍ර තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ  සාහිත්‍ය මාසයට සමඟාමීව පවත්වනු ලැබූ පොත් ප්‍රදර්ශනය පසුඟිය සිකුරාදා (26/10)අබුඩාබි පිහිටි ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී පැවැත්විණ.

'ජාතික සමඟිය" සිය උද්යෝගී පාඨය කරගත් "එතෙර අපි" අබුඩාබි සංවිධානය නොකඩවා තෙවන වරටත් පවත්වනු ලැබූ පොත් ප්‍රදර්ශනය සහ සන්ධ්‍යාවේ දී පවත්වනු ලැබූ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා විශාල පිරිසක් පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා අතරතුර තානාපති මැතිතුමා වන Sabarullah Khan මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි අතර ජයග්‍රාහකයින් සඳහා තානාපති තුමා, "එතෙර අපි" සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, විනී හෙට්ටිගොඩ සහ ආරියපාල ගමගේ යන මහත්වරුන් ගේ අත්සන සහිත සහතික පත්‍ර සහ පදක්කම් ප්‍රදානය කරන ලදී.


RECOMMEND POSTS