යාචකයන් වුණු එකම පවුලේ 21 ක් දැලේ



සංවිධානාත්මක ලෙසින් සෞදි අරාබියේ සහ ගල්ෆ් කලාපය තුළ හිඟන්නන් ලෙස කටයුතු කළ එකම පවුලේ 21 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එකම පවුලක සාමාජිකයින් පිරිසකි.අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවන් හා කුඩා ළමුන්ද වෙති.

අල් කාසිම් පළාතේ සැප පහසුකම් සහිත නිවාස සංකීර්ණය පදිංචිව සිටි මෙම කටයුතු මෙහෙයවා ඇති විවිධ පරිත්‍යාගශීලීන් ගේ අනුකම්පාව ලබා ගනිමින් මෙලෙස හිඟන කටයුතු වල නිරතව ඇත.එලෙස ලබා ගත් මුදල් වලින් පවුලේ භාවිතය සඳහා නවීන පන්නයේ මෝටර් රථයක් ඇතුළු මෝටර් රථ පහක්ද භාවිතා  කර ඇත.

මොවුන් එම වාහන වලින් විවිධ ප්‍රෙදේශ වලට ගොස් හදිසි කරදරයකට පත්වූ ආකාරයට හැසිරෙමින් අනෙක් පුද්ගලයින් ගෙන උදව් ඉල්ලා මෙම සංවිධානාත්මක ජාවාරමේ නිරත වී ඇත.සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල හිඟන කටයුතු වල නිරත වීම ,වංචනික ලෙසින් මුදල් ලබා ගැනී‍ම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සලකනු ලබයි.

මොවුන් අත්අඩංගුවට ගැනීමේදී සෞදි රියාල් 12,049 ක් සහ එමීර් ඩිරාම් 150 ක් ඔවුන් බාරයේ තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.මීට අමතරව ඔවුන් සතුව තිබූ රන් අභරණ තොගයක්ද ආරක්ෂක අංශ සිය බාරයට ගෙන ඇත.අත්අඩංගුවට පත් වූවන් එරෙහිව සෞදි අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

( තිළිණි ද සිල්වා )

සෞදි ඩේලි ඔකාස් පුවත්පත ඇසුරෙනි.


RECOMMEND POSTS