පිත්තාශ නාලයකින් ගල් 1600 ක් අයින් කරලා



එමිරේට්ස් හි උම් අල්-කුවේන් හි ජීවත්වන වයස අවුරුදු 27ක එමිරේට්ස් කාන්තාවකගේ පිත්තාශයේ සිට පිත ගෙන යනු ලබන නාලයක තිබි විවිධ ප්‍රමාණයන් ගෙන යුත් ගල්කැට 1600කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති බව අල්- අබායන් පුවත්පත වාර්තා කළේය. 

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටහේර් හිල්මිගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් පැයකට වඩා වැඩි කාලයක් ශල්‍ය කර්මය සිදුකරමින් පිත ගෙනි යනු ලබන නාලයේ තිබු ගල්කැට ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

වසරකට ආසන්න කාලයක් තිස්සේඋදරයේ දකුණු කොටසේ ඉහල කෙළවරේ වේදනාවකින් පීඩා විදිමින් සිට ඇත.

පසුව වේදනාව ඇති වන්නේ කුමන හේතුවකින්ද යන්න දැනගැනීම පිණිස උම් අල්-කුවේන්හි පිහිටා ඇති කලීෆා මහ රෝහලට ඇතුලත් වී ඇත.

වෛද්‍යවරුන් Ultrasound imaging තාක්ෂණය භාවිතා කරමින් ඇයව පරීක්ෂා කරද්දී පිත්තාශයේ සිට පිත ගෙනි යනු ලබන නාලයක තිබී ගල් විශාල ප්‍රමාණයක් හමුවී ඇත. ඉන්පසු ඇයව ශල්‍ය කර්මයක් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කරන ලදී.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS