පැරිස් නුවර එළිමහනේ මුත්‍රා කරන අළුත්ම විදිය



සියවස් ගණනාවක් පුරාවට බලධාරීන්ට මුහුණපෑමට සිදුවූ ගැටළුවක් වූ ප්‍රසිද්ධ ස්ථාන වල මුත්‍රා කිරීම සඳහා වෙනස්ම විසඳුමක් හඳුන්වාදීමට පැරීසිය කටයුතු කර තිබේ.

ඒ, ශාක පැළ කර ඇති කොම්පෝස්ට් බඳුනකට සම්බන්ධ මුත්‍රාකුටියකට මුත්‍රා කිරීමට අවස්ථාව ලබාදෙමිනි. මෙහි උඩු කොටසේ ලී කුඩු හා පිදුරු පුරවා ඇති අතර, ඒවා දිරාපත් වීමෙන් කොම්පෝස්ට් සෑදෙයි.
 
එලිමහනේ මුත්‍රා නොකර, මුත්‍රාකුටියේ ඉදිරිපස කොටසට මුත්‍රා කරමින් මෙම ශාඛ වැවීමට උදව් කරන ලෙස ප්‍රංශ බලධාරීන් පිරිමි පාර්ශවයට ආරාධනා කර සිටියි.
 
මෙම නිර්මාණය සිදුකළ ලොහාන් ලෙබෝ රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ මෙම බඳුන් වල විශාල අනුවාදය හිස් කිරීමට අවශ්‍ය වන්නේ 600 දෙනෙකු පමණ මුත්‍රා කිරීමෙන් අනතුරුව බවයි.
 

මෙවැනි බඳුන් කිහිපයක් පැරිසියේ Gare de Lyon දුම්රිය ස්ථානය අසල තබා ඇති අතර, මෙම පියවර සාර්ථක වුවහොත් එය ප්‍රංශයේ වෙනත් දුම්රිය ස්ථාන වලටද ව්‍යාප්ත කිරීමට එරට බලධාරීන් අපේක්ෂා කරයි.

 

( තිළිණි ද සිල්වා )

ද ගාඩියන් ඇසුරෙනි ...


RECOMMEND POSTS