නත්තල් සීයලා ගේ ධාවන තරගය



නත්තල වෙනුවෙන් සංවිධාන කරන විවිධ ඉසව් අතර නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ මැරතන් ධාවන තරගවලටත් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.එවැනි තරගයක් පසුගියදා ස්පාඤ්ඤයේදී පැවැත්විය.

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරදී නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ සහභාගිත්වයෙන් දැවැන්ත මැරතන් ධාවන තරඟයක් පවත්වා තිබේ.ඒ සඳහා තරගකරුවන් හත්දහසක් පමණ සහභාගිවී සිටියේය.

මොවුන් සියලු දෙනාම නත්තල් සීයාගේ ඇඳුමින් සැරසී සිටිනු දක්නට ලැබුණු අතර ධාවන තරගයට අදාළ මුළුදුර කිලෝමීටර් 5ක්.

එමෙන්ම මෙම තරඟයට එක්වී සිටි ළමුන් කොළ පැහැති අඟුටුමිට්ටන්ගේ ඇඳුම්වලින් සැරසී සිටින ආකාරයත් දක්නට ලැබිණි.

මෙය නැරඹීමට සංචාරකයින් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියේය.

පුණ්‍යාධාර රැස්කිරීමේ ඉසව්වක් ලෙස සංවිධාන කර තිබූ මෙම ධාවන තරගයෙන් ලද මුදල් පිළිකා රෝගී දරුවන්ට උපකාර කිරීම සඳහා වන අරමුදලකට පිරිනැමෙන බවත් සඳහන් වෙයි.

( තිළිණි ද සිල්වා )

ගාඩියන් ඇසුරෙනි.


RECOMMEND POSTS