කිර්ගිස්තාන පුරපති වෙස් වළාගෙන ගිහින්



කිර්ගිස්තානයේ බිෂ්කෙක් අගනුවර නගරාධිපති ඇල්බ්‍රෙක් බ්‍රැමියෝව්, වෙස් වළාගෙන ජනතාව අතර ගැවසෙමින්, ඔවුන්ට ඇති අඩුපාඩු සොයා දැනගෙන පසුව ඒවාට විසඳුම් ලබා දෙන බව එරට පුවත් සේවා අනාවරණය කරයි.

නගරාධිපතිවරයා ඇතැම් අවස්ථාවල අගනුවර ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන්නේ පරණ කබායකින් සැරැසී යාචක වෙස් ගෙනය.

මේ අයුරින් ජනතාව අතරට ගොස්, නගර බලධාරීන්ගේ අඩුපාඩු තමන් දැනගන්නා බවත්, ඒවාට විසඳුම් සෙවීම ජනතාවගේ අදහස් අනුව සිදු කරන බවත් පුරපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS