වාස්තු විද්‍යාඥ අයි.එම්.පේයි සමුගනී



ලෝ ප‍්‍රකට වාස්තු විද්‍යාඥයකු වන චීන ජාතික අයි.එම්.පේයි ලොවෙන් සමුගත් බවත්, ඔහුගේ වයස අවුරුදු 102 ක් බවත් විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ ඇති වීදුරු පිරමීඩය, ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ ක්ලීව්ලන්ඞ් නුවර රොක් ඇන්ඞ් රෝල් රඟහල, බොස්ටන් ජෝන් එෆ් කෙනඩි පුස්තකාලය, ජපානයේ මීහෝ කෞතුකාගාරය, සිංගප්පූරු පිවිසුම, දෝහා කටාර් ඉස්ලාමීය කෞතුකාගාරය අයි.එම්.පේයිගේ නිර්මාණ ලෙස සැලකෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS