ලොව හොඳම ගුරුවරයා ඇමෙරිකා ජනපති හමුවෙයි



ලොව හොඳම ගුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ කෙන්යාවේ පාදිලිවරයකු වන පීටර් ටැබීචී වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවිය.

පීටර් ටැබීචී ඇමෙරිකාවට පැමිණ සිටින්නේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමටය. ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී පීටර් ටැබීචීට ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

පීටර් ටැබීචී ලොව හොඳම ගුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ පසුගිය මාර්තුවේදීය. පීටර් ටැබීචී කෙන්යාවේ නකුරු පළාතේ කෙරිකෝ නමැති මිශ්‍ර පාසලේ ගුරුවරයකු ලෙස කටයුතු කරයි. තම වැටුපෙන් සියයට 80 ක් පීටර් ටැබීචී පාසල් දරුදැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන බව පැවැසෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS