ලක්ෂ ගණනක් අවතැන්



මෝසම් වැසි සමය සමඟ ඇද හැලෙන මහ වැසි නිසා හටගත් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ඉන්දියාවේත්, නේපාලයේත්, බංග්ලාදේශයේත් ලක්ෂ ගණනක් දෙනා අවතැන්ව සිටින බව වාර්තා වේ.

වැඩිම ජීවිත හානියක් සිදුවී ඇතැයි පැවැසෙන්නේ නේපාලයෙනි. නේපාල බලධාරීන් පෙන්වා දෙන්නේ 67 දෙනකු ජල ගැලීම් සහ නායයෑම්වලින් ජීවිතක්ෂයට පත් වුණු බවය.

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ නිවාස සහ ගොඩනැගිලි රැසක් නායයෑම්වලට ලක් වී ඇති බවත් 14 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් වාර්තා වේ. එම 14 දෙනාගෙන් 13 දෙනෙකු හමුදා සොල්දාදුවන් යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS