රුසියන් ජනපතිට ඇරැයුම් කරනවා



‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් පැවැත්වීමට නියමිත ‘ජී 7’ රටවල රාජ්‍ය නායක සමුළුව පසුවට කල් දමන බවත්, එම සමුළුව පැවැත්වෙද්දී තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට ඊට සහභාගී වෙන්නැයි ඇරැයුම් කරන බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ යහපත් සබඳතා පවතින නමුත් ඇමෙරිකන් ජනපතිවරණයට මැදිහත් වූ බවට තවමත් රුසියාවට චෝදනා එල්ල වී ඇත. එහෙයින්, ඇමෙරිකා රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා අවුල් ජාලයක් වී ඇත.

මෙවර ‘ජී 7’ සමුළුවට තමන් ඉන්දියාවට, දකුණු අප්‍රිකාවට ද ඇරැයුම් කරන බව ඇමෙරිකන් ජනපතිවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS