යුක්රේන හෝටලයක ගින්නක්



දකුණුදිග යුක්රේනයේ හෝටලයක හටගත් ගින්නකට අට දෙනෙක් බිලි වූහ. තවත් 10 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණාහ.

ගින්න හටගත්තේ කාමර 273 කින් සමන්විත හෝටලයකය. ඒවා අමුත්තන්ගෙන් පිරී පැවැතුණු බව වාර්තා වේ. ගින්න නිවා දැමීමටත් ඇතුළේ කොටුවුණු පිරිස් බේරා ගැනීමටත් ගිනි නිවන භටයන්ට පැය 3 ක් තිස්සේ මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS