මෙලානියාගේ සම්මුඛ සාකච්ඡාව



තම සැමියා ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් තමන් සැමවිටම ඔහු සමඟ එකඟ වන්නේ නැති බව ජනාධිපති ආර්යා මෙලිනියා ට‍්‍රම්ප් කියයි.

මෙලානියා මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. පසුගිය දා මෙලිනියා අපි‍්‍රකාවේ රටවල් තුනක නිල සංචාරයක යෙදුණාය. ජනාධිපති පට‍්‍රම්ප් ඊට සහභාගී වූයේ නැත.

සම්මුඛ සාකච්ඡුාව පැවැත් වූයේ මෙලානියා කෙන්යාවට ගොස් සිටිද්දීය. එම වැඩසටහන ඒ.බී.සී. නාළිකාව ඔස්සේ විකාශය කෙරුණි. මාධ්‍යවේදියා ඇසූ ප‍්‍රශ්නවලට මෙලානියා අවංකව පිළිතුරු ලබා දෙන බව වැඩසටහන නරඹද්දී පෙනී යන බව ඇමෙරිකානු දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

‘මම ට‍්‍රම්ප් කියන කරන හැමදේම අනුමත කරන්නේ නැහැ. ට්විටර් පණිවුඩ හරහා ඔහු ද්වේශසහගතව අදහස් දක්වනවා. ඒක මම අනුමත කරන්නේ නැහැ.’ යැයි මෙලානියා කියා සිටී.

ධවල මන්දිරයේ ජීවිතය කෙබඳුදැයි විමසූ අවස්ථාවේදී මෙලානියා කියා සිටියේ, ධවල මන්දිරයේ හුඟ දෙනකු කමන්ට සහ ජනාධිපති ට‍්‍රම්ප්ට වරදිනකල් බලා සිටින බවත්, ඔවුන්ගෙන් ප‍්‍රවේසම් වී කල්පනාවෙන් වැඩ කරන බවත්ය.

ලොව වැඩියෙන්ම කෙණෙහිලිකම්වලට ලක් වන තැනැත්තා තමා යැයි ද මෙලානියා පවසා ඇත. ඒ, අන්තර් ජාලය හරහා ඇයට එල්ල වන අපහාස සම්බන්ධයෙනි. අන්තර්ජාලය කේන්ද්‍ර කොට ගනිමින් සිදුවන කෙණෙහිලිකම් සහ අපහාස සම්බන්ධයෙන් ඊට එරෙහිව කටයුතු කිරීමේ නව වැඩසටහනක් හඳුන්වා දීමට පවා මෙලානියා කටයුතු කර ඇත.

(ඒ.එෆ්.පී)


RECOMMEND POSTS