මැදපෙරදිගට යුරෝපයට ලතින් ඇමෙරිකාවට කොරෝනා



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්තවීම ආරම්භ වූ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන 2,801 දක්වා ඉහළ ගියේය. වයිරස ආසාදිතයන් ගණන 82,164 ක් ලෙස සටහන් විය.

වයිරස ආසාදිතයන් 78,497 ක් චීනයෙන් හමුවී ඇත. සෙසු පිරිස හමුවී ඇත්තේ රටවල් 30 කට වැඩි ප්‍රමාණයකිනි. චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙනි. කෝවිඞ් 19 වයිරසය ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපීය රටවලත්,  ඉතාලිය ඇතුළු යුරෝපා රටවලත්, ලතින් ඇමෙරිකාවට අයත් බ්‍රසීලයටත් පැතිර ගොස් ඇත.

නෝර්වේ රාජ්‍යයෙන් ද පළමු වරට කොරෝනා ආසාදිතයකු පිළිබඳ වාර්තා විය. හමුවුණු එකම කොරෝනා ආසාදිතයා වන මෙම තැනැත්තා, නිරෝධායනය කර ඔහු ගැන විමසිල්ලෙන් පසුවන බව නෝර්වේ සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ. මෙම තැනැත්තා චීනයේ සිට ආපසු නෝර්වේ පැමිණ ඇත්තේ පසුගිය සතියේය. කෙසේ නමුත් රෝග ලක්ෂණ පහළ වීමට පටන්ගෙන ඇත්තේ මීට දින කීපයකට පෙරය.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS