මහල් නිවාස සංකීර්ණයක ගින්නක්



දකුණු මුම්බායිහි මහල් නිවාස සංකීර්ණයක 33 වන මහලේ ගින්නක් හට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට අයත් නිවසක් ද එම මහල් නිවාස සංකීරණයේ පිහිටා ඇති බවයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත අතර නිවැසියන් සහන සේවකයින් විසින් පුද්ගලයින් 90 දෙනෙකු පමණ බේරා ගනු ලැබ තිබේ.

කෙසේ වෙතත් ගින්න හට ගත් අවස්ථාවේ 34 වන මහලේ පිහිටි නිවසේ ඇය සිට නොමැත.

දීපිකාගේ නිවස එක් මහලක පිහිටා ඇති අතර ඇයගේ කාර්යාලය පිහිටා ඇත්තේ, ගොඩනැගිල්ලේ වෙනත් මහලකයි.

එහෙත් ඇයගේ නිවසට හෝ කාර්යාලයට හානි සිදුව නොමැත.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්න නිවීම සඳහා ගිනි නිවීම් සේවා ක්‍රියා කරමින් සිටින බවයි.

මේ අතර ට්විටර් පණිවුඩයක් නිකත් කරමින් පවසා ඇත්තේ, තමා ආරක්ෂිතව සිටින බවයි.

( තිළිණි ද සිල්වා )

එන්.ඩී.ටීවී. ඇසුරිනි


RECOMMEND POSTS