බි‍්‍රතාන්‍ය අගමැතිට සුව පතයි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවසේ නිරෝධානයට ලක් වී සිටින බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට තමන්  සුවය ප‍්‍රාර්ථනා කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇත.

ට‍්‍රම්ප් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාට මෙසේ ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් හරහාය. ට‍්‍රම්ප් සහ ජොන්සන් අතර මිත‍්‍රත්වයක් පවතී.

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ සෙම්ප‍්‍රතිශ්‍යා තත්ත්වයක් හේතුවෙන්, කොරෝනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු වූ අවස්ථාවේදීය. 55 හැවිරිදි අග‍්‍රාමාත්‍ය ජොන්සන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වෛද්‍යවරුන් ඔහු ගැන විමසිල්ලෙන් පසුවන බවත් බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කර තිබේ.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS