නිව්යෝක් දෙව්මැදුරට ගිනි තියන්න හදද්දී කොටුවෙයි



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, මැන්හැටන් පළාතේ පිහිටි සුප‍්‍රසිද්ධ ශාන්ත පැටි‍්‍රක් දෙව් මැදුරට පෙට‍්‍රල් බූලි සහ ලයිටර සමඟ ඇතුළු වී, පෙට‍්‍රල් ඉසිමින් දෙව් මැදුරට ගිනි තැබීමට උත්සාහ කළ අයකු නිව්යෝක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව වාර්තා වේ.

ශාන්ත පැටි‍්‍රක් දෙව්මැදුර, නිව්යෝක් රෝමානු කතෝලික බැතිමතුන්ගේ ප‍්‍රධාන දේවස්ථානයයි. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාව පොලිසිය මෙතෙක් අනාවරණය කර නැත. පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, 37 හැවිරිදි එම පුද්ගලයා ළඟ තිබී පෙට‍්‍රල් බූලි හතරක් සොයා ගත් බවය. ඔහු කඩාකප්පල්කාරී කි‍්‍රයාවකට සැරැසෙන බව දෙව් මැදුරේ සිටි පිරිස් කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.

පසුගිය 15 වැනිදා ප‍්‍රංශයේ පැරිස් නුවර පිහිටි අවුරුදු 800 කට වඩා පැරැුණි නෝත‍්‍රදාම් දෙව්මැදුර ගින්නෙන් විනාශ විය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත්, ඒ ගැන දිටම පරීක්ෂණ පැවැත්වෙයි. එය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි යැයි අනුමාන කෙරේ.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS