තාගෝර්ගේ කියමනක් වෙන කවියකුගේ නමින් දාලා



ඉන්දීය මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කියමනක්, සුප්‍රකට ලෙබනන් ඇමෙරිකන් කවියකු වූ කලීල් ගිබ්රාන් කියූ බව පවසමින්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය ව්විටර් ගිණුමේ පළ කළ සටහනක් සම්බන්ධයෙන් අගමැතිවරයාට දොස් අහන්න සිදුවී ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා,  කලීල් ගිබ්රාන් පැවැසුවේ යැයි සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධ කළේ ‘නින්දේදී මා සිහින මැව්වා ජීවිතය සතුටක් බව. අවදි වී ජීවිතය යනු සේවයක්. සේවයට කැප වෙද්දී වැටහුණා ඒ සේවය සතුටක් බව’ යන කියමනය.

කෙසේ නමුත් කියමන පවසා ඇත්තේ නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මහා කවි රබීන්ද්‍රනාත් තගෝර් බව ඉම්රාන්ගේ ට්විටර් ගිණුම දුටු බොහෝ දෙනකු පෙන්වා දී ඇත. ‘නොදන්නා දේ ගිණුමට එක් කරනවාට වඩා, කළ යුතු වන්නේ, කිසිවක් එක් නොකර සිටීම’ යැයි අගමැති ඉම්රාන් විචේචනය කළ බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS