ත්‍රස්තයෝ 62 ක් මියයති



තමන් සිදු කළ ගුවන් ප්‍රහාරවලින්, සෝමාලියාවේ ප්‍රචණ්ඩ නක්‍රියා සිදුකරන අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් හැට දෙදෙනකු මියගොස් ඇතැයි ඇමෙරිකා හමුදාව නිවේදනය කළේය.

ඇමෙරිකා හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර ගණන 6 කි. පළමු ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් තිස් දෙදනකු ද දෙවැනි ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් 28 දෙනකු ද මියගොස් ඇති බව ඇමෙරිකන් හමුදාව වැඩි දුරටත් කියා සිටී.

2017 වසරේ නොවැම්බරයෙන් පසු ඇමෙරිකාව සෝමාලියාවේ අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ දරුණුතම ගුවන් ප්‍රහාරය මෙය යැයි ද පැවැසෙයි. ඇමෙරිකා හමුදාව, සෝමාලියාවේ ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ සෝමාලියා රජයේ සහ බුද්ධි අංශයේ අනුමැතිය පරිදිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS