ජපානයෙන් හොක්කයිඩෝ පළාතේ පාසල් වැසේ



ජපානයේ හොක්කයිඩෝ පළාතේ සියලු පාසල් වසා දැමීමට එම පළාතේ අධ්‍යාපන බලධාරීහු ඊයේ (25) තීරණය කළහ. ඒ, ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හොක්කයිඩෝ පළාතේ පැතිර යන බැවිනි.

ජපානය දූපත් රාජ්‍යයකි. හොකයිඩෝ පළාත ඇත්තේ ජපානයේ උතුරුදෙසින් පිහිටි ප්‍රධාන දූපතේය. හොක්කයිඩෝ පළාතෙන් හමුවුණු ‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 35 දක්වා ඉහළ ගොස් ඇත. 

ආසාදිතයන්ගෙන් වැඩිදෙනා පාසල් දරුවන්, ගුරුවරුන්, බස් රථ රියැදුරන්, පාසල් අවන්හල්වල සේවක සේවිකාවන් යැයි පැවැසෙයි.  හොක්කයිඩෝ අධ්‍යාපන බලධාරීන්, ප්‍රාථමික පාසල්, උසස් පාසල් ආදී සියල්ල ඉදිරි දින කීපයේ වසා දැමීමට තීරන්‍ය කළේ ඒ අනුවය.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS