ඡන්ද විමසුම කල් දමයි



මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් ‘බි‍්‍රක්සිට්’ සම්බන්ධයෙන්, සකස් කළ නව යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ඡන්ද විමසුම කල් දැමීමට බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ කටයුතු කර ඇත.

අගමැතිනිය මෙසේ කටයුතු කර ඇත්තේ මේ මොහොතේ එම යෝජනාව සම්බන්ධයෙන් ඡුන්ද විමසුමක් කළොත්, පාර්ලිමේන්තුවේ බහුතරය ඊට විරෝධය දක්වනු ඇතැයි පෙන්වා දෙමිනි.

බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජනාව සම්බන්ධයෙන්, යුරෝපා සංගමයේ කැමැත්ත හිමිවී ඇති බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS