ඕස්ට්‍රේලියාවේ සරණාගතයින් ඇමෙරිකාවට !



ඔස්ට්‍රේලියාව ශාන්තිකර දූපත්වල රඳවා සිටින අනාථයන් ඇමෙරිකා එක්සත් ජනපදයට යැවීමේ වැඩපිළිවෙලට එරෙහිව සියගණනක් සහභාගී වූ විරෝධතා ව්‍යාපාරයක් මෙල්බර්න් නගරයෙහි පැවැත්වුණි. 

ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතමින් එහි ලඟා වූ අනාථයන් රැසක් නාවුරු සහ පැපුවා නිව්ගිනියා දූපත්වල රඳවා සිටිති.

ද්ඝෝෂකයන් කියාසිටින්නේ එම සරණාගතයන් ඔස්ට්‍රේලියාව විසින් භාර ගතයුතු බවයි.

හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ ඔස්ට්‍රේලියාව අතර ඇති කෙරුණ ගිවිසුමක් අනුව ඔවුන්ගෙන් දහසකට අධික පිරිසක් එක්සත් ජනපදයට යැවීමට නියමිත අතර මෙල්බෝර්න් විරෝධතා ව්‍යාපාරය දියත් කෙරුණේ ඊට එරෙහිවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමාට කලින් බලයේ පැවති ඔබාමා පරිපාලනය විසින් ඇතිකර ගන්නා ලද ඉහත කී ගිවිසුම පිළිගනු ලබන්නේද යන්න ගැන කිසිවක් ප්‍රකාශ කර  නැත.

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සමඟ සිදුකළ උණුසුම් සංවාදාත්මක දුරකථන සාකච්ඡාවක දී ඩොනල්ඩ් ට්‍රම්ප් එම ගිවිසුම විග්‍රහ කර තිබුණේ 'ක්‍රියාවට නැංවිය නොහැකි නිෂ්ඵල ක්‍රියාමාර්ගයක්' හැටියටයි

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....


RECOMMEND POSTS