එන්නත විෂවුණු හැටි ලොවට පැහැදිලි කරන්න



‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ප‍්‍රතිශක්තිකරණ එන්නත වීෂ වී, අසාත්මිකතා හටගෙන, නෝර්වේ රාජ්‍යයේ 23 දෙනකු මියයෑම සම්බන්ධයෙන්,  ඕස්ටේ‍්‍රලියා රජය ප‍්‍රශ්න කරයි.

නොර්වේ රටේ සිදුවුණු එම මරණ 23 සම්බන්ධයෙන්, සිදුවූයේ කුමක්දැයි වහා ලොවට පැහැදිලි කිරීමට ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම පියවර ගත යුතු යැයි ද  ඕස්ටේ‍්‍රලියා රජය වැඩි දුරටත් පවසා තිබේ.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම මෙම ප‍්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම සමඟ එක් වෙමිනි. ‘ෆයිසර්’ මේ වනවිට මහා බි‍්‍රතාන්‍යය, ඇමෙරිකාව, ඊශ‍්‍රායලය, කැනඩාව ඇතුළු රටවල් රැුසක් භාවිතයට ගෙන ඇත. ඒ, හදිසි තත්ත්වයක් සේ සලකාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් සේ සලකා භාවිතයට ගන්නැයි අනුමැතිය දී ඇති එකම එන්නත වන්නේ ද ‘ෆයිසර්’ එන්නතය. එන්නත ලබා ගත් නෝර්වේ වැසියන් 23 දෙනකු මියගොස් ඇතැයි නොර්වේ සෞඛ්‍ය අමත්‍යාංශය තහවුරු කළේ පෙරේදා (16* දිනයේය. මියගිය 23 දෙනාගෙන් වැඩි දෙනා අවුරුදු 80 ට වැඩි වැඩිහිටියන් බව ද පැවැසෙයි.

ඕස්ටේ‍්‍රලියා රජය ‘ෆයිසර්’ එන්නත මිලදී ගැනීමට සූදානමින් සිටී. එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ නෝර්වේ වැසියන් මියයෑම සම්බන්ධයෙන් සියලූ කරුණු කාරණා නොසඟවා ලොවට හෙලි කරන්නැයි  ඕස්ටේ‍්‍රලියා රජය, ‘ෆයිසර්’ සමාගමෙන් ඉල්ලා ඇත්තේ මේ නිසාය.

ඕස්ටේ‍්‍රලියා රජය සහ සෞඛ්‍ය අංශ එන්නත් දෙකක් කෙරෙහි අවදානය යොමු කර තිබේ. එයින් එකක් ‘ෆයිසර්’ එන්නත වන අතර අනෙක ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් ‘ඇස්ට‍්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වී නිපදවා ඇති එන්නතය. දැනට ඉදිරියෙන් ම ඇති සියයට 95 ක් සාර්ථක එන්නත ලෙස සැලකෙන්නේ ‘ෆයිසර්’ එන්නතය. ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ජෝ බයිඩන් ට ලබා දී ඇත්තේ ද මෙම ‘ෆයිසර්’ එන්නතය.

මෙල්බර්න්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS