ඇමෙරිකාව දුන් තවත් මුදල් ආධාර කපයි



පාකිස්තානයට ලබා දෙමින් තිබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 440ක ආධාර මුදල් ප්‍රමාණයක් ද නවතා දැමීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.

මීට පෙර ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව පාකිස්තානයට ලබා දෙන්න වූ ඇමෙරිකන් ආධාර නැවැත්වීම සිදුවිය. ඒ, ත්‍රස්තවාදයට එරෙහි සටනේදී පාකිස්තානයෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බවට චෝදනා නගමිනි.

නවතා දැමීමට තීරණය කරනු ලැබ ඇත්තේ 2010 වසරේ ඇතිකර ගත් එකඟතාවකට අනුව ලබා දෙමින් තිබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 440 ක මුදලක් යැයි ද පැවැසෙයි.

තමන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවීමට වොෂින්ටනයට ගිය අවස්ථාවේදී ද ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම ආධාර මුදල් නැවැත්වීමට තීරණය කර තිබුණු බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS