ඇමෙරිකා තානාපති ඉන්දීය ආරක්ෂක ඇමති හමුවෙයි



ඉන්දියාවේ ඇමෙරිකා තානාපති කෙන් ජස්ටර්, ඉන්දියාවේ ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං හමුවී ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූහ.

ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර පවතින ආරක්ෂක ගිවිසුම් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය. ආසියානු කලාපයේ ක්‍රියාත්මක ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද  කෙන් ජස්ටර් සහ රාජ්නාත් සිං අතරේ සාකච්ඡා පැවැත්විණි.

ආසියානු කලාපයේ ඇමෙරිකාවේ සමීපතම මිතුරකු වන්නේ ඉන්දියාව බවත් ඉන්දු ඇමෙරිකා මිත්‍රත්වය ශක්තිමත්ම පැවැතිය යුතු බව ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා, ඇමෙරිකා තානාපතිවරයාට පැහැදිලි කර ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS