ආධාර රැස් කරන්න කි.මී. 23 ක් ඇවිදලා



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය වෙනුවෙන් ආධාර එකතු කිරීමේ අරමුණින්, ඝානා රාජ්‍යයේ 95 හැවිරිදි හමුදා නිලධාරියකු කිලෝ මීටර් 23 ක පාගමනක යෙදී ඇත.

ජොසෙප් හැමොඩ් නමැති මොහු දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ වූ හමුදා නිලධාරියෙකි. ඔහු දිනකට කිලෝ මීටර් 3 බැගින් ගමන් කරමින් කිලෝ මීටර් 23 ක දුර සම්පූර්ණ කර ඇත. ජොසෙප් හැමොඩ් ට ඒ අනුව ඇමෙරිකන් ඩොලර් 26,000 ක මුදලක් රැක් කිරීමට හැකිවිය.

දෙවැනි ලෝක යුද සමයේ ජොසෙප් හැමොඩ් සේවය කළේ මහා බ්‍රිතාන්‍ය හමුදාවටය. 'අවුරුදු 75 කට කලින් යුද්ධය අවසන් වුණා. දැන් අපට අදිසි සතුරකු සමග හැප්පෙන්න සිද්ධ වෙලා. ඒ වෙනුවෙන් මා මට හැකි දේ කළා' යැයි වීඩියෝ පණිවුඩයක් හරහා ජොසෙප් හැමොඩ් පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.

 

(අල් ජසීරා)


RECOMMEND POSTS