අසත්‍ය ප්‍රවෘත්ති පල කළ මාධ්‍යවේදීන්ට වරෙන්තු



අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් 38 දෙනෙකුට සුඩාන රාජ්‍ය ආරක්ෂක අංශය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

ප්‍රචණ්ඩත්වය හා මහජන කැළඹීම් ඇති කිරිම, ව්‍යාජ ප්‍රවෘත්ති බෙදා හැරීම, නීතිය හා සාමය කඩවන ආකාරයෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීම යන චෝදනාවලට අදාළව ඔවුන්ට වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

එරට බොහෝ මධ්‍යවේදීන් සමාජ ජාල වෙබ් අඩවි මඟින් මහජන කැලඹිම් ඇති වන ආකාරයට ඡායාරූප සහ විඩියෝ පට පළ කිරීම සිදුකර ඇති බව වාර්තා වන්නේය.

වරෙන්තු නිකුත් කරන ලද මාධ්‍යවේදින්ගෙන් 28 දෙනෙකු වෙනත් රටවල මාධ්‍යවේදින් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි


RECOMMEND POSTS