හොංකොං නළුවාට පිහියෙන් ඇනලා



හොංකොං නළුවකු මෙන්ම, සිනමා නිෂ්පාදකවරයකු ද වන සයිමන් යෑම් චීනයේ ෂොංග්ෂැංග් නුවරදී පිහි ප්‍රහාරයකට ලක් විය.

64 හැවිරිදි සයිමන් යෑම්, ෂොංග්ෂැංග් නුවර නව කාර්යාලයක් විවෘත කරමින් සිටි අවස්ථාවේදී, එහි පැමිණ සිටි පිරිස අතරේ වූ අයකු යෑම් සිටි වේදිකාවට නැග ඔහුගේ උදරයට පිහි ප්‍රහාර එල්ල කර ඇත.

යෑම් කඩිනමින් රෝහල් ගත කළ අතර වෛද්‍යවරුන් පසුව පැවැසුවේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවය. පිහි ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද වාර්තා වේ. සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS