හිටපු මහ ඇමතිනී ශීලා ඩික්සිට් සමුගනී



ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ කෘතහස්ථ දේශපාලනඥයකු මෙන්ම තෙවරක් දිල්ලියේ මහ ඇමැති ධුරය ද හෙබවූ ශීලා ඩික්සිට් හෘදයාබාධයකට ලක්වීමෙන් අභාවප්‍රාප්ත වූවාය. ඇගේ වයස අවුරුදු 81 කි.

කොංග්‍රස් පක්ෂයේ හිටපු නායක රාහුල් ගාන්ධි, රාහුල්ගේ මව මෙන්ම කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු කොං්‍රස්පක්ෂ සාමාජිකයන් පමණක් නොව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා පවසා ඇත්තේ ශීලා ඩික්සිට් ඉන්දීය දේශපාලනයට කළ මෙහෙය අසමසම බවය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS