කැනඩා අගමැතිගේ විරෝධය



ඇමෙරිකාවේ පැවැත්වීමට නියමිත 'ජී7' ලෝක නායක සමුළුවට තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඇරැයුම් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝගේ විරෝධයට හේතුවක් වී ඇත.

ට්‍රම්ප්‍ට පෙර ඔබාමා ඇමෙරිකන් ජනපති ධුරය හොබවද්දී, 2014 දී පැවැතියේ 'ජී8' කණ්ඩායමය. ඒ, රුසියාව ඊට එක් වී සිටි නිසාය. කෙසේ නමුත් රුසියන් ජනපති පුටින්, යුක්රේනයේ ක්‍රිමියාව බලෙන් අත්පත් කර ගැනීමට කටයුතු කිරීමත් සිරියානු අර්බුදයේ දී සිරියානු රජයට සහාය දැක්වීමත් මුල්කොට ගනිමින් ඊට විරෝධය පා 'ජී8' කණ්ඩායමෙන් රුසියාව ඉවත් කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ සෙසු සාමාජික රටවල් තීරණය කළේය. ඒ අනුව 'ජී8' කණ්ඩාම 'ජී7' බවට පත් විය.

දැන් ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් උත්සාහ ගන්නේ යළි රුසියාව 'ජී7' කණ්ඩායමට එක් කර ගැනීමටය. කැනඩා අගමැතිවරයාගේ විරෝධය එල්ල වී ඇත්තේ මේ නිසාය. 'ජී7 කණ්ඩායමේ සිටිය යුත්තේ එකිනෙකාට ගරු කරන මිතුරෝ. රුසියාව ඊට එක් කර ගන්න ඕනෑ මා හිතන්නේ නැහැ.' යැයි කැනඩා අගමැති මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

ඔටෝවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS