‘සිකා’ සමුළුව අද



ආසියානු රටවල අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ සමුළුව හෙවත් ‘සිකා’ අද (15) ටජිකිස්තානයේ දී ආරම්භ වෙයි.

සමුළුවට සහභාගීවීම සඳහා ටජිකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ටජිකිස්තාන ජනාධිපති එමමොලි රහුමාන් අතර හමුවක් ඊයේ (14) පැවැත්විණි.

ආර්ථික සහ වෙළෙඳ කටයුතු පමණක් නොව, ආසියා කලාපයේ රටවලට මුහුණදීමට සිදුවී ඇති ඉස්ලාමීය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද සිකා සමුළුවේදී සාකච්ඡා කෙරේ. සිකා සමුළුව වෙර පැවැත්වෙන්නේ පස්වැනි වරටය.

(විදෙස් පුවත් ඇසුරිනි)

 


RECOMMEND POSTS