හෙමින් පෑන මාරු කරලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී, ගිවිසුම්වලට අත්සන් කරද්දී, ඇමෙරිකා නියෝජිතයන් ලබා දුන් පෑන අතට නොගෙන, වෙනත් පෑනකින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට කිම් ජොන් උන් කටයුතු කළේය යැයි මේල් ඔන්ලයින් පුවත් අඩවිය පෙන්වා දෙයි.

උතුරු කොරියා නායකයා එසේ කරන්න ඇත්තේ, ඇමෙරිකානුවන් විසින් ලබා දුන් පෑනේ විස කැවීමක් කර ඇතැයි සැකයක් මතුවුණු නිසා විය හැකි යැයි ද මේල් ඔන්ලයින් පෙන්වා දෙයි.

ගිවිසුම් සඳහා අත්සන් කරද්දී, කිම් ජොන් උන්ගේ උපදේශිකාව මෙන්ම ඔහුගේ නැගණිය ද වන කිම් යෝ ජොං ද ඒ අසල සිටියාය. ඇමෙරිකානුවන් දුන් පෑන් අතට ගැනීම වළක්වමින් තම සොයුරාට ඇය ඇය ළඟ ඇති පෑන ලබා දෙන දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

(ඬේලිමේල්)


RECOMMEND POSTS