හවර්බෝඩ් පිපිරියෑමෙන් නිවසක් ගිනිගනී



කුවේට් රාජ්‍යෙය් මුෂාරෆ් දිස්ත්‍රිකයේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුල තිබූ හවර්බෝඩ් නම් උපකරණයක් පිපිරියෑමෙන් ගිනිගෙන දරුවන්ගේ නිදන කාමරයක් පිළිස්සී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

සිද්ධිය වු ස්ථානයට ගිනි නිවන භටයින් පැමිණ ගින්න නිවා දැමු අතර නිවාස සංකීර්ණයේ ඇති අනිකුත් නිවාස වලට ගින්න පැතිරී යෑම වැලක්වන ලදී. 

ගිනිගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ අතර හවර්බෝඩ් උපකරණයේ විදුලි පරිපථ වල සිදුවී ඇති දෝෂයක් නිසා ගින්න හටගෙන ඇති බව අනාවරණය වී ඇත. 

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර ගින්නට හසුවීමෙන් නිවස තුල තිබූ උපකරණ වලට හානි සිදුවී ඇත.  
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකෙරෙමින් ඇත.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක 

 


RECOMMEND POSTS