හමුදා ලොක්කෙක් ඇමෙරිකාවේ



උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ ඉතා සමීප විශ්වාසවන්ත මිතුරකු මෙන්ම උපදේශකයකු ලෙස ද කටයුතු කරන හමුදා ප්‍රධානී ජනරාල් කිම් යොංග් චෝල් ඇමෙරිකාවේ සංචාරයක් සඳහා නික්ම ගොස් ඇත.

ජනරාල් කිම් යොංග් චෝල් ඇමෙරිකාවට පැමිණෙනු ඇත්තේ චීනයට ගොස් චීනයේ බීජීං අගනුවර හරහාය.

ජනරාල් කිම් යොංග් චෝල් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතරේ විශේෂ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්වෙනු ඇතැයි ද පැවැසෙයි.

ජනරාල් කිම් යොංග් චෝල්, ඇමෙරිකාවට යන්නේ, ලබන ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වෙන කිම් ජොන් උන් සහ ට්‍රම්ප් හමුව සම්බන්ධයෙන් කරුණු කාරණා සාකච්ඡා කිරීමට යැයි ද පැවැසෙයි.

එම හමුව පැවැත්වුවහොත්, උතුරු කොරියා නායකයකු සහ ඇමෙරිකා ජනාධිපතිවරයකු මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව එය වනු ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS