සෙනට් ධුරය ඩග් ජෝන්ස්ට



ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සහාය හිමිවුණු රිපබ්ලිකන් අපෙක්ෂක  රෝයි මෝර් පරදවමින්, තියුණු ජයක් ඇලබාමා සෙනෙට් සභික ධුරය දිනා ගැනීමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ඩග් ජෝන්ස් සමත් විය.

ඇමෙරිකා දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ රෝයි මෝර් ලැබූ මෙම පරාජය ජනපති ට්‍රම්ප්ට එල්ල වුණු අතුල් පහරක් කියාය. ඩි්‍රමොක්‍රටික් පක්ෂය ලැබූ මෙම ජය මෙම 2017 වසරේ ඇමෙරිකන් දේශපාලනයේ පෙරැළියක් බව ද විචාරකයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.

රෝයි මෝර් සහ ඩග් ජොන්ස් දෙදෙනා අතරේ කරටකර තියුණු සටනක් පැවැත්විණි. කෙසේ නමුත් අවසානයේදී මෝර්ට ලිංගික අපහරණ චෝදනා එල්ල විය. එය ඔහුගේ අවාසියට හේතු වුණු අතර, ඔහු පරාජයට පත් වූයේ ද එම චෝදනා මුල්කොට ගනිමිනි. ඇලබාමා යනු රිපබ්ලිකන් බල කඳවුරක් වීම ද සුවිශේෂත්වයකි.

ඇමෙරිකාවේ සෙනෙට් සභිකයන් තෝරා ගැනීම සිදුවන්නේ ජනපද මට්ටමින් සිදු කෙරන ඡන්ද විමසුම් හරහාය. සෑම ජනපදකින්ම ප්‍රධාන පක්ෂ දෙක වන ඩිමොක්‍රටික් පක්ෂයෙන් හෝ රිපබ්ලිකන් පක්ෂයෙන් හෝ අපේක්ෂකයෙකු සෙනෙට් ධුරයට පත් වෙයි.

ඇලබාමා ජනපද ඡන්දයේ ප්‍රතිඵල සියයට 94 ක් ප්‍රකාශයට පත් වෙද්දී, ජෝන්ස් සියයට 49.6 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට සමත් විය. මෝර් හිමිකර ගෙන සිටියේ සියයට 48.7 ක ප්‍රතිශතයකි.

ජයග්‍රහණය සමරමින් ජෝන්ස් සිය ට්විටර් ගිණුම ඔස්සේ පක්ෂ භේදයකින් තොරව ඇලබාමා වැසියන්ට ස්තුති කළේය. ඇමෙරිකා සෙනෙට් මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය සතුවය. එහෙයින්, ට්‍රම්ප්ට කිසිදු බාධාවකින් තොරව තීන්දු තීරණ ගැනීමට හැකියාව ඇත.

කෙසේ නමුත් මෝර් පරාජයට වී ඩිමොක්‍රටික් අපේක්ෂක ජොන්ස් සෙනෙට් මණ්ඩලයට පිවිසීමත් සමඟ, සෙනෙට්වරුන් 100 දෙනකු සිටින රිපබ්ලිකන්වරුන්ගේ සංඛ්‍යාව 51 තෙක් අඩුවෙයි. පරාජයට පත් වුණු මෝර්, ඇලබාමා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකි. ජොන්ස් නීතිඥවරයෙකි.

ජෝන්ස් ජයග්‍රහණය ලැබූ අවස්ථාවේ ඔහුට සුබ පැතීමට ට්‍රම්ප් කටයුතු කළේය. ඒ, සුපුරුදු පරිදි ට්විටර් ගිණුම ඔස්සේය. ‘ලැබූ තියුණු ජය ඉතා විශිෂ්ට එකක් බවත්, ඇලබාමා ජනපද වැසියන්ගේ තීරණය විශිෂ්ට බවත් ට්‍රම්ප්ගේ සුබ පැතුමේ සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS