සැල්වදෝර් ජනපතිවරණයෙන් බුකෙලේ ඉදිරියට



එල් සැල්වදෝරයේ පැවැති ජනාධිපතිවරණයෙන්, 37 හවැරිදි නයීබ් බුකෙලේ ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

සාම්ප්‍රදායික දේශපාලන රටාව බිඳ දමමින් නව දේශපාලන පෙරැළියක් ඇති කිරීමට බුකෙලේ සූදානමින් සිටී.
ජනතාව ඔහු වටා රැස්වී ඇත්තේ එහෙයින් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ වනවිට බුකෙලේ සියයට 53.4 ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් වී සිටින බව ද පැවැසෙයි. බුකෙලේ සැන් සැල්වදොර් නුවර පුරපතිවරයා ලෙස ද කටයුතු කළ අයෙකි.

සැන් සැල්වදෝර්හිදීය (අල් ජසීරා)

 


RECOMMEND POSTS