සරම්ප වසංගතයක්



යුරෝපා රටවල් කිහිපයක සරම්ප වසංගතයක් පැතිර යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි.

මෙම 2018 වසරේ පළමු 6 මාසය තුළ හමුවුණු සරම්ප රෝගීන්ගේ ගණන 41,000 කි. සරම්ප පැතිර යෑම වැළැක්වීමට එම රටවල සෞඛ්‍ය බලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් කියා සිටී.

වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යුක්රේනයෙනි. එම සංඛ්‍යාව 23,000 කි.

එංගලන්තයෙන් සරම්ප රෝගීන් 807 ක් වාර්තා වී ඇත. මේ අයුරින් සරම්ප වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ එන්නත් ලබා දීමේ අඩුවක් නිසා යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා රටවල් සම්බන්ධයෙන් කටයුතු කරන සුසානා ජකාබ් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS