සමාව ඉල්ලමින් පිලිප් කුමරුන්ගෙන් ලිපියක්



තම ලෑන්ඞ්රෝවර් රථයේ හැපී අනතුරට ලක්වුණු එමා ෆෙයාර්වෙදර් නමැති තරුණියට ලිපියක් යවමින්, 97 හැවිරිදි පිලිප් කුමරු හෙවත් එඩින්බරෝ ආදිපාදවරයා ඇයගෙන් සමාව ඉල්ලා ඇතැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සිදුවුණු අනතුර සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කම්පනයට පත්ව සිටින බවත් ඒ ගැත කනගාටු වන බවත් පවසමින්, තුවාල ලැබූ තරුණියට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කිරීමට ද දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමරු කටයුතු කර ඇත.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS