වෙනිසියුලා විපක්ෂ නායකයාට රටින් පිටවීම තහනම්



වෙනිසියුලා විපක්ෂය සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින්, අන්තර්වාර ජනාධිපති ලෙස නම් කරනු ලැබ සිටින විපක්ෂ නායක යුවාන් ගුඅයිඩෝ ට රටින් පිටවීම තහනම් කිරීමට වෙනිසියුලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

රටින් පිටවීම තහනම් කිරීම පමණක් නොව, ගුඅයිඩෝගේ බැංකු ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ අනුව වෙනිසියුලාවේ හටගත් දේශපාලන අර්බුදය තවත් උත්සන්න වීමේ අවධානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්ස්)


RECOMMEND POSTS