විශාලතම වෙළෙඳ ගිවිසුමට අත්සන් තබයි



ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට ලෝකයේ රටවල් 15 ක් අත්සන් තැබීය. එම රටවල් 15 න් 10 ක් ආසියානු පැසිෆික් කලාපීය රටවල් වීම විශේෂත්වයක් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

‘ආසියාන්’ සංවිධානයට අයත් සාමාජික රටවලට අමතරව, චීනය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය සහ දකුණු කොරියාව මෙම නව වෙළෙඳ ගිවිසුමට එක්වුණු පාර්ශ්වකරුවන්ය.

මෙම නව වෙළෙඳ ගිවිසුමට එක්වුණු රටවල් 15, ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට ද හිමිකම් කියන අතර, එම රටවල ජනගහනය ගෝලීය ජනගහනයෙන් සියයට 30 ක් බව ද පැවැසෙයි.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන ආර්ථික අර්බුද ජය ගැනීම කෙරෙහි ගිවිසුමට එක්වුණු රටවල රාජ්‍ය නායකයන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

කොරෝනා වයිරස වසංගතය මුල්කොට ගනිමින්, හේතුවෙන් රටරටවල රාජ්‍ය නායකයන් සහ මුදල් ඇමැතිවරුන් ගිවිසුමට අත්සන් තැබීම සිදු කළේ වීඩියෝ තාක්ෂණයෙන් හමුවෙමිනි.

කැන්බරාහිදීය (රොයිටර් ඇසුරිනි)


RECOMMEND POSTS