විදෙස් සංචාරය අවසන්: මෙලානියා සතුටින්



පළමු විදෙස් සංචාරය අවසන් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිද මෙලානියා යළි ඇමෙරිකාව බලා පිටත්ව ගියහ.

සිසිලි දූපතේ පැවැති ‘ජී7’ සමුළුවෙන් පසු ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ඉතාලියේ සිග්නෝලේ නාවික සහ ගුවන් කඳවුරේ ද සංචාරය කළේය. මෙය ඇමෙරිකන් හමුදා කඳවුරකි. එහිදී ඇමෙරිකන් සෙබළුන් අමතමින් ට්‍රම්ප් සහ මෙලානියා කතා කළහ.

ජනපති ට්‍රම්ප් කියා සිටියේ තම පළමු විදෙස් සංචාරය ඉතා සාර්ථක බවය. ට්‍රම්ප් මෙසේ කියා සිටියේ ඔහුට එල්ල වන විවේචන සම්බන්ධයෙනි. පළමු විදෙස් සංචාරයේ දී ට්‍රම්ප් ඇමෙරිකාවේ ප්‍රතිරූපය කෙළෙසුවේ යැයි දේශපාලන විචාරකයෝ චෝදනා කරති.

සිග්නෝලේ නාවික සහ ගුවන් කඳවුරේදී ට්‍රම්ප් බිරිඳ මෙලානියා සෙබළුන් ඇතුළු රැස්ව සිටි පිරිස ඇමැතුවේ මහත් සතුටිනි.

විදෙස් සංචාරයට තමන්ට එක්වීම ලැබීම සතුටක් මෙන්ම ගෞරවයක් බව මෙලානියා කියා සිටියාය. තම සැමියා මෙන්ම ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් කිසිම අවස්ථාවක ඇමෙරිකාවට අපකීර්තියක් ලබා දෙන අයුරින් කටයුතු නොකළ බව ද මෙලානියා එහිදී අවධාරණය කළාය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS