විදෙස් නියෝජිත කණ්ඩායමක් ජම්මු කාශ්මීරයට



විදෙස් නියෝජත කණ්ඩායමක් ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ සංචාරයක නියැලී සිටින බව ඉන්දීය රජය පවසයි.

ඉන්දීය රජය, එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කළේ පසුගිය 2019 අගෝස්තු මාසයේදීය.

ඒ අනුව, මුස්ලිම් බහුතරයක් වෙසෙන ජම්මු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂිත ස්වයං පාලන බලතල අහෝසි විය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී රජය, ජම්මු කාශ්මීර වැසියන් පීඩාවට පත් කරනවා යැයි චෝදනා එල්ල වීමට පටන් ගත්තේ, ඉන්දීය මධ්‍යම රජය ජම්මු කාශ්මීරයට පැනැවූ තහංචි හේතුවෙනි.

ප්‍රාන්තයේ අන්තර්ජාල කටයුතු පවා මුළුමනින්ම නවතා දැමුණු අතර, මේ වනවිට ඒවා සියල්ල යළි යථා තත්ත්වයට පත් වී තිබේ.

විදෙස් නියෝජිතයන් ජම්මු කාශ්මීරයට යනු ඇත්තේ, ජම්මු කාශ්මීර වැසියව් ගැන සොයා බැලීමටය. ඔවුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇතැයි ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘කොවිඩ් 19’ වසංගතය මැද, විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායමක් ජම්මු කාශ්මීරයේ සංචාරයකට යන පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS